Breaking News

කොරෝනාව ගැන කල අළුත් සමීක්ෂණයේ ශ්‍රී ලංකාවට ඉහල තැනක්!

 





කොවිඩ් 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගිතාව සැළකූ විට ශ්‍රී ලංකාව ලොව රටවල් 108ක් අතුරින් දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.


චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන යීකායි පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයට අනුව කොවිඩ් 19 ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණදුන් රටවල් අතුරෙන් මුල්තැන ගෙන ඇත්තේ චීනයයි.

ශ්‍රී ලංකාව එහි දෙවන තැන හිමිකරගෙන සිටින අතර, දකුණු කොරියාව, මියන්මාරය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ නවසීලන්තය පිළිවෙලින් තුන්වන ස්ථානයේ සිට හත්වන ස්ථානය දක්වා හිමිකරගෙන සිටිනවා.

එහි පළමු ස්ථාන 10ට අයත් අනෙක් රටවල් තුන වන්නේ වියට්නාමය, කාම්බෝජය සහ අප්‍රිකානු ඝානා රාජ්‍යයයි.

කොවිඩ් 19 පාලනය අතින් මුල් තැන ගෙන සිටින රටවල් 10 න් 9ක්ම ආසියානු පැසිෆික් කලාපයට අයත් රටවල් වීම විශේෂත්වයක්.

මෙහි පළමු ස්ථාන 10 ලබා ගත් රටවල් මෙසේය.

චීනය

ශ්‍රී ලංකාව

ඝානාව

දකුණු කොරියාව

මියන්මාරය

ඕස්ට්‍රේලියාව

තායිලන්තය

නවසීලන්තය

වියට්නාමය

කාම්බෝජය

කොරෝනා වෛරසයට ප්‍රතිචාර දැක්වීමේදී ඉතා අසමත් රාජ්‍යයන් ලෙස එහි හඳුනාගත ඇති රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය සහ බ‍්‍රසීලය ඉහලින්ම වෙයි.