Breaking News

මෙරටට එවූ කසල කුණු වෙනුවට ලංකාව, බි‍්‍රතාන්‍යයෙන් වන්දි ඉල්ලයි!

 






නීති විරෝධීව සායනික අපද්‍රව්‍ය සහ කසල බහලූම් 263ක් මෙරටට යොමු කළ එංගලන්ත මව් සමාගමෙන් සහ ඒවා භාරකර තිබූ මෙරට සමාගමෙන් වන්දි මුදලක් අයකර ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න ප‍්‍රකාශ කළේ නීතිවිරෝධීව මෙරටට ගෙන්වා තිබූ සායනික අපද්‍රව්‍ය සහ කසල අඩංගු බහාලූම් 263න් බහාලූම් 21ක් මේවනවිටත් එංගලන්තය වෙත ප‍්‍රතිනැව්ගත කර ඇති බවයි.

එම අපද්‍රව්‍ය සහ කසල යොමුකර තිබූ අදාළ දේශීය සමාගම ද මේවනවිට හදුනාගෙන ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. දෙරටේම බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න ප‍්‍රකාශ කළා.

ලොව ප‍්‍රමුඛ විදෙස් මාධ්‍ය කිහිපයක්ද මෙම සිද්ධිය වාර්තා කර තිබුණා. එංගලන්ත පරිසර ඒජන්සිය උපුටා දක්වන විදෙස් මාධ්‍ය සදහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කරන බවයි. විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කිරීම සදහා තවත් තොරතුරු ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා ඇති බවයි එම ඒජන්සියේ ප‍්‍රකාශකයෙකු සදහන් කර තිබුණේ.

නීතිවිරෝධී අපද්‍රව්‍ය අපනයනය මැඩපැවැත්වීම සදහා තවදුරටත් පියවර ගැනීමට මෙම සිද්ධියද පාදක කර ගන්නා බව එංගලන්ත පරිසර ඒජන්සිය වැඩිදුරටත් පවසනවා.

කලාපයේ තවත් රටවල් කිහිපයක් මෑතකදී විදෙස් රටවලින් මෙලෙසම එවා තිබූ අපද්‍රව්‍ය යළි භාරදීමට කටයුතු කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දක්වා තිබෙනවා. ඉකුත් ජනවාරි මාසයේදී මැලේසියාව විසින් මෙලෙසම එරටට එවා තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කන්ටේනර් 42 ක් යළි එංගලන්තයටම පිටත් කර හැරිමටයි කටයුතු කර තිබුණේ.