Breaking News

පිරිස එක්රැස් කරගනිමින් සජිත් අලුත් බලකායක් හදයි





විපක්ෂ නායක කාර්යාලය තුළ හරිත ඒකකයක් ස්ථාපිත කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

ඒ සදහා නලීන් බණ්ඩාර, රෝහිණි කවිරත්න, මයන්ත දිසානායක, කවින්ද ජයවර්ධන සහ බුද්ධික පතිරණ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුගෙන් යුත් පරිසර බලකායක් ද පත් කළ බවයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේ.

මෙම හරිත ඒකකය හරහා පරිසරය සුරැකීම සදහා ප‍්‍රායෝගික වැඩපිලිවෙළක් ඉදිරියේදී ආරම්භ කරන බව ද විපක්ෂ නායකවරයා සදහන් කළා.

විපක්ෂ නායක කාර්යාලයේදී ස්ථාපිත කෙරුණු හරිත ඒකකය ප‍්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර සඳහන් කළේ මේ වන විට ආණ්ඩුව ගමන් කරමින් යන්නේ වන ගහණය වැඩි කරනවා වෙනුවට තිබෙන වනාන්තර ටිකත් කපා දැමීමේ ගමනක බවයි.