Breaking News

බස් රථ දෙකක් මුහුණට මුහුණ හැපේ!

 






ලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත (15) දින ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසියි පැවසිය.

(15) දින උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදිය.

බගවන්තලාව සිට හැටන් ඇගළුම් කර්මාන්ත ශාලාවක් දක්වා ඇගළුම් සේවිකාවන් රැගෙන අධික වේගයෙන් ධාවනය වි ඇති පෞද්ගලික බස් රථය හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

බස් රථ දෙක අනතුරට පත් වන අවස්තාවේ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහන කල බස් රථය තුල 25 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර , ලංගම බස් රථයේද මගින් 30 කට ආසන්න පිරිසක් සිටි බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් දෙදෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් අට දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

ඇගළුම් කර්මාන්ත සේවිකාවන් ප්‍රවාහනය කල බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත් , අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය ලංගම බස්  රථයේ පෞද්ගලික බස් රථය ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

පෞද්ගලික බස් රථයේ රියදුරා සැකපිට නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුට එරෙහිව නිතිමය පියවර ගන්නා බවද නොර්වුඩ් පොලිසිය පැවසිය.