Breaking News

ජනාධිපති JR නම් 78 ව්‍යවස්ථාව ප‍්‍රශ්ණයක් නෑ රාජපක්ෂවරුන් නම් ඒකාධිපති - තලතා අතුකෝරල

 






19 සංශෝධනය මගින් ජනතාව ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යෝජිත විසිවන සංශෝධනය හරහා මුළුමනින්ම අහෝසි කර ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඇතැයි පැවසූ ඇය ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක ලේකම් හරහා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් ඇතැයිද පැවසුවාය.

එය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බවත් ජනාධිපතිවරයාට ඇමති ධුර දරන්නට නොහැකි බවත් ඇය පැවසීය.

මෙම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ නැවතත් 78 ව්‍යස්ථාවට යාම බව පැවසුවද ජනාධිපතිවරයා වන්නේ ජේ ආර් ජයවර්ධන නම් එම ව්‍යවස්ථාවට ගියත් ප්‍රශ්නයක් නැතැයි ද පැවසු ඇය රාජපක්ෂවරුන් රට පාලනය කරද්දී 78 ව්‍යස්ථාවට යාම බරපතළ ඒකාධිපතිවාදයට යමක් ඇයිද පැවසුවාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.