Breaking News

අවුරුදු පහක් තිස්සේ ලේලියට අතවර කළ මාමණ්ඩිය කොටු

 





හුංගම පොලීසියට අයත් ප‍්‍රදේශයක (59) හැවිරිදි මාමණ්ඩිය විසින් (32)හැවිරිදි ලේලිය වසර පහක කාලයක සිට දූෂණය කර ඇති බව ඇය විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

ඉන් අනතුරුව හුංගම පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අදාල සැකකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා රැකියාව සඳහා මීට වසර පහකට පෙර විදේශ ගත වී ඇති අතර, මේ පිළිබඳ ඇය මෙතෙක් කලක් අනාවරණය නොකළේ මාමණ්ඩිය විසින් ඇයට මරණ තර්ජන එල්ල කර ඇති නිසා බව ඇය පොලීසියට පවසා ඇත.

මෙම සැකකරු අඟුණකොළපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය විසින් කටයුතු කර ඇති අතර,මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු හුංගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ක‍්‍රිෂාන්ත ජයසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිති ප‍්‍ර.පො.ප වරුසවිතාන, පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කා.පො.ප. ගයනි රසිකා යන මහත්ම මහත්මීන් විසින් සිදුකරනු ඇත.