Breaking News

අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට ඥාණසාර හිමිට අනුමතයි!







මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජන බල පක්‍ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කිරීමට එම පක්ෂය විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

20 දිනයේ පැවති එම පක්ෂ සම්මේලනයේදී එකී යෝජනාව සම්මත වී ඇත.

එමෙන්ම අපේ ජන බල පක්ෂය හිටපු මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔවුන් තීරණය කර ඇත.

විමලතිස්ස හිමියන් පක්ෂයට ලැබූ මන්ත්‍රී ධූරය සදහා තමන් වහන්සේම නම් කර මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.

එමෙන්ම විමලතිස්ස හිමියන් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කර ඇත.

මහ මැතිවරණය පැවැත්වී මාස 2කට ආසන්න වෙමින් ඇතත් අපේ ජන බල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කවුදැයි මෙතෙක් නම් කර ගත හැකි වී නැත.