Breaking News

හකීම්-බදියුදීන් ආණ්ඩුවට පනින්න සාකච්චා!

 





20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී ඊයේ සමගි ජන බලවේගය විසින් පැවැත්වූ විරෝධතාවයට එම සන්ධානයේ ප්‍රධාන පක්ෂ කිහිපයක් ම සහභාගි වූයේ නැත.

රවුෆ් හකීම් මහතාගේ නායකත්වය ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්‍ෂවල මන්ත්‍රින් කිසිවකු ඊට සහභාගී නොවීය.

එම පක්ෂවල ඇතැමුන් මේ වන විට ආණ්ඩුවට එක් වීම සඳහා සාකච්ඡා කරමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම ඊයේ විරෝධතායට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ද සහභාගී නොවීම විශේෂත්වයකි.