Breaking News

රාජිතගෙන් විමල්ට විපක්ෂයේ අසුනකට ආරාධනා!

 





1978 අවස්ථාවට එක්වූ ජනතා ජනතාවාදී සංශෝධන දෙකක් වන්නේ 17 වන සංශෝධනය සහ 19 වන සංශෝධනය බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

17 වන සංශෝධනය 2002 වසරේ ඇති කිරීමට අද ආණ්ඩුවේ සිටින විමල් වීරවංශ මහතා එදා තමන් සමග එක්ව සටන් කළ බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඒ අතීතය අද ද මතක ඇති නිසා විමල් වීරවංශ මහතා අද 20වන සංශෝධනයට විරුද්ධව යමක් කරන්නට හදන බව සේනාරත්න මහතා සඳහන් කළේය.

එනිසා වීරවංශ මහතා සිටිය යුත්තේ මෙම ව්‍යවස්ථාවට එරෙහි නියම තැන බවද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ආණ්ඩුව තුළ ම 20 වන සංශෝධනය විරුද්ධව කතා කරන බවත් ඒ හරහා ආණ්ඩුව දෙදරීමකට ලක්ව ඇති බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

කොළඹ නව නගර ශාලාවේ දී පැවති ‘දහනවයෙන් ඉදිරියට’ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.