Breaking News

රනිල් නායකත්වයෙන් ඉවතට!

 

Appeal Court hears petition against PM Ranil Wickremesinghe's ...




එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂය ලැබූ දරුණු පරාජය හේතුවෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් දා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති හමුවේ දී වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවයි.

කෙසේ නමුත් නව නායකයෙකු එක්සත් ජාතික පක්ෂ සඳහා පත් කර ගන්නා තෙක් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වයේ රැඳී සිටින ලෙස ද එහිදී ඔවුන් එකඟතාවයකට පැමිණ ඇත.