Breaking News

ඇමති මණ්ඩලය 26යි! - යෝජිත නම් මෙන්න

 

New Cabinet of Ministers sworn-in




නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය එළඹෙන සති අන්තයේ දිවුරුම්දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම ඇමති මණ්ඩලය කැබිනට් ඇමතිවරු 26 දෙනෙකුට සීමා වීමට නියමිත අතර ඔවුනට පැවරෙන විෂය පථයන් වෙන් කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

මෙම නව ඇමති මණ්ඩලය එළඹෙන සිකුරාදා දිනයේ මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඇමති මණ්ඩලයේ විදේශ කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති ලෙස ජී්.එල්. පීරිස් මහතා පත් කරනු ඇතැයිද වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇමති ධුර දෙකක් හෝ තුනක් හිමි වනු ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල සිල්වා යන මහත්වරුන්ට එම කැබිනට් ඇමති ධුර අහිමි වනු ඇති බවද සදහන් වෙයි.

චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, රමේශ් පතිරණ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, ජීවන් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද, මහින්දානන්ද අලුත්ගමගේ ද කැබිනට් මණ්ඩලයට ඇතුලත් වෙතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.