Breaking News

පාතාල නායකයාට උදවු කළ කිරිඳිවැල ඕඅයිසීගේ වැඩ තහනම්

 

Sri Lanka police chief arrested over Easter attacks failures | Sri ...



පාතාල සාමාජිකයකු වන අංගොඩ ලොක්කාගේ කණ්ඩායමේ කි‍්‍රයාකාරී පුද්ගලයකු වන සොල්ටා නමැත්තා විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධව විමර්ශන සිදු නොකිරීම සහ එම සැකකරුගේ සමීපතම හිතවතකු සමඟ සිය නිල නිවසේ මත්පැන් සාදයක් පැවැත්වීම යන චෝදනා මත කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇත.

මත්පැන් සාදය පැවැත්වූ මිතුරාගේ ඉල්ලීම මත අංගොඩ ලොක්කාගේ පාතාල කල්ලියේ සාමාජිකයකු වන මුණිවලගේ අසිත හේමතිලක නොහොත් සොල්ටා නමැති පාතාල සාමාජිකයා විසින් සිදුකරන ලද අපරාධ හඳුනාගෙන ඉදිරි විමර්ශන සිදුනොකර මෙම පාතාල සාමාජිකයා සම්බන්ධ තොරතුරු උසස් නිලධාරීන්ටද  වසන් කර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට උත්සාහ කර ඇති බවට කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනාවන්ය.

මෙම සොල්ටා නමැත්තා පසුගියදා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් පලායෑමේදී පොලිස් වෙඩි පහරට ලක්ව මරුමුවට පත්විය.

අපරාධකරුවකු සම්බන්ධව තොරතුරු වසන් කිරීම සහ සිය නිල නිවස තුළ මත්පැන් පානය කරමින් විනය විරෝධී කටයුතුවල යෙදීමේ චෝදනා මත කිරිඳිවැල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එන්. කේ. ඒ. කේ. අයි. වික‍්‍රමසිංහ මහතා මෙලෙස වැඩතහනමට ලක්කිරීමට පොලිස් මූලස්ථානය වහාම පියවරගෙන තිබේ.