Breaking News

ජනපතිට ආරක්ෂක ඇමතිකම දීමෙන් ව්‍යවස්ථාව උල්ලංගණය වෙලා!

 


The Court of Appeal of Sri Lanka issued... - Law Students ...



ආරක්ෂක අමාත්‍ය ධූරය සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා අද (17) නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද නීතිඥ අරුණ ලක්සිරි විසින් ගොනු කළ අතර එහි වග උත්තරකරුවන් ලෙසට ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 30 සහ 105.(4) ව්‍යවස්ථාවන් අනූව ශ්‍රී ලංකාව බුද්ධාගම සදහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරීමට ජනාධිපතිවරයාට නොහැකි බව පෙත්සම්කරු පවසා සිටිනවා.

මේ වන විට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය තමා යටතේ තබා ගෙන ඇති මුත් බුද්ධශාසන අමාත්‍යාංශය ලබා නොගැනීම මත ඒ තුලින් ආණ්ඩුව ව්‍යවස්ථාවේ සදහන් 9,10 සහ 12.1 ව්‍යවස්ථාවන් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.