Breaking News

තවත් ශ්‍රී ලාංකිකයින් 494ක් දිවයිනට

 


Sri Lanka international airport to get automated immigration e ...



මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයන් 494 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. 

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍ය සහ  ඕමානයේ සිට ගුවන් යානා 04 කින් මෙරටට පැමිණි බවයි වාර්තාවන්නේ. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙනවිත් තිබුණේ මත්තල ගුවන් තොටුපළ වෙතටයි. තවත් ශී‍්‍ර ලාංකිකයින් 34 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් ඇත්තේ ඩුබායි සිටයි. 

කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත ද  ඕමානයේ රැදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 150 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත ද පැමිණ තිබෙනවා. 

දිවයිනට පැමිණි මෙම සියළු ගුවන් මගීන් PCR පරීක්‍ෂණ සදහා යොමු කර තිබෙනවා.