Breaking News

රාජ්‍ය සේවයේ වෙනසකට බැසිල්ගෙන් යෝජනාවක්!

 

Presidential Task Force appointed under the leadership of Basil ...




සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනසක් සිදු විය යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරවන බවයි ඔහු කියාසිටියේ.

රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ශ‍්‍රම බලකාය කළමනාකරණය ද සිදුකළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ ප‍්‍රකාශ කළේ මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේ දී ශ‍්‍රම බලකාය අරමුණු කරගත යුතු බවයි.

යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවී පුළුල් සංවර්ධන ක‍්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බවට ද ඔහු යෝජනා කරනවා.