Breaking News

ජාවාරම්කරුවන් හා එස්.ටී.එෆ්. නිලධාරීන් අතර සබදතාවක් එළියට!


Sri Lanka- STF, CID search house of former Health Minister ...



පොලිස් විශේෂ කාර්ය බලකායේ ඇතැම් නිලධාරීන්, ජාවාරම්කරුවන්ට මුදලට ආරක්ෂාව ලබාදී ඇති බවට අනාවරණ වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දුන්නා.

එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවේ සදහන් කළේ ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා ඉදිරියේදී  අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා අගෝස්තු මස 04 වනදා දක්වා අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කෙසේවෙතත් සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්, සිද්ධියට අදාළව දැනට සිදුකර ඇති විමර්ශනවල ප‍්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත්තේ අගෝස්තු මස 4 වනදා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.