Breaking News

පියෙකුට මරු කැඳවමින් කුලියාපිටියේදී රිය අනතුරක්!


Woman wakes up in body bag after being pronounced dead by doctor



කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෝටර් රථයක් පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ(21) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවටයි.

කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල දෙසට පාපැදියෙන් ගමන් ගත් පුද්ගලයාගේ පිටුපසින් පැමිණි මොටර් රථයක එහි ගැටී තිබේ.

සිද්ධිය දුටුවන් ප්‍රකාශ කළේ, මොටර් රථයේ ගැටීමෙන් අනතුරුව පාපැදිය මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගිය බවයි.

සිද්ධියෙන් මියගියේ 42 හැවිරිදි එක් දරු පියෙකි. ඊයේ රාත්‍රීයේ ඔහු මිත්තනියගේ නිවසේ සිටි සිය දියණිය තම නිවසට රැගෙන ඒමට යන අතරතුරදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

මියගිය පුද්ගලයා පොල් කඩන රැකියාවේ නිරතවූවෙකි.

මොටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.