Breaking News

විභාග ගැටළු නිසා අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු සංගම් විරෝධය


Young teachers: the future of the profession | Daily News




විභාග සම්බන්ධයෙන් වන තීරණයන්ට එළඹීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් දිනෙන් දින කල්දැමීම පිළිගත නොහැකි බව ලංකා ගුරු සංගමය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශය එවැනි තීන්දුවලට එළඹෙන්නේ ගුරු හෝ විදුහල්පති සංගම්වලින් කිසිඳු විමසීමක් සිදුනොකර බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ.

මේ අතර විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ප‍්‍රමාද වීම පාසැල් දරුවන්ට සිදුකරන අසාධාරණයක් බව ලංකා ගුරුසේවා සංගමය ද  පවසනවා. එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මේ බව සඳහන් කළා.

සිසුන්ගේ ආරක්ෂාව මුල් කර ගනිමින් පාසල් සඳහා ලබාදුන් අතුරු නිවාඩුව තවත් සතියකින් දිර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන්ට පමණක් ජූලි මස 27 වන දා පාසල් යළි ආරම්භ කරනු ඇති.

මැතිවරණයෙන් පසුව අගෝස්තු මස 10 වන දා පාසල්වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සුදුසු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත්තේ. උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින හෙට (20) ප‍්‍රකාශයට පත් කරනු ඇති.