Breaking News

පැන ගිය කොරෝනා ආසාදිතයා සොයාගැනේ!


Sri Lanka finds more than 200 COVID 19 patients at Kandakadu ...



මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් මීට සුළු වේලාවකට පෙර සොයා ගෙන තිබෙනවා.

කොළඹ ජාතික රෝහල අසළ දී මෙම පුද්ගලයා ව සොයා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අයි.ඩී.එච් රෝහලෙන් පිට වී කොළඹ කෙලින් විථීයට ගොස් එතැන් සිට ත්‍රීරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට එම පුද්ගලයා පැමිණ ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

එම රෝගියා කොළඹ කෙලින් විථීයට පැමිණ ඇත්තේ කෙසේ දැයි මේ වන විට සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

අද (24) අලුයම 2ට පමණ මෙම ආසාදිතයා රෝහලෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

මෙම පුද්ගලයා කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට වැලිකන්ද කොරෝනා රෝහලට ජූලි මස 9 වන දින රැගෙන ගොස් පසුව 15 වන දින අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කළ අයෙකි.