Breaking News

එජාපය දියාරු වීම අපිට වාසියක්! - ඩලස් අලහප්පෙරුම


Dullas Alahapperuma Admits Opposition Not In A Position To Defeat ...


එක්සත් ජාතික පක්ෂය අපේ රටට නිදහස කැන්දාගෙන ආ පක්ෂය බව අමතක නොමැති බවත් එම පක්ෂය දියාරු වී යෑම සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම කණගාටුවට පත් වන බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, දෙවිනුවරදී ප්‍රකාශ කළේය.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රතිවාදියෙක් නොමැති මැතිවරණයක් බවට ශ්‍රී ලාංකේය ඉතිහාසයට එකතු වන බව අවධාරණය කල ඒ මහතා එම නිසාම සිය කදවුරේ උනන්දුව පවා යම් මට්ටමකට අඩු වී තිබෙන බවද ප්‍රකාශ කළේය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මාතර, දෙවිනුවරදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්ෂය දියාරු වී යෑම අපිට වාසි සහගතයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එය අපේ රටේ දේශපාලනයට හොද නැහැ. මහ බැංකුවේ සංඛ්‍යයා ලේඛණ වලට අනුව පසුගිය යහපාලන ආණ්ඩුව ඉතිහාසයේ තිබුණ දුර්වලම ආණ්ඩුව බවට තහවුරු වෙලා තිබෙනවා. නමුත් යහපාලන ආණ්ඩුවෙන් රටට වූ හානිය පිළිබදව ජනතාව කතා කරන්නේ නැහැ. රටේ අළුත්ම මාතෘකාව බවට කොරෝනා වසංගත තත්ත්වය මගින් ඇති කරන ලද බලපෑම පත්ව තිබෙනවා. කොවිඩ් කඩ තුරාවෙන් යහපාලන විනාශය වැහිල ගියා.

මෙවර මැතිවරණයේදී අපි 2/3 ක බලයක් ඉල්ලන්නේ ඇයි කියල ඇතැම් අය ප්‍රශ්ණ කරනවා. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් නොමැතිව වෙනස් කරන්න බැරි කරුණු කිහිපයක් තිබෙනවා. ඥාතීන් අතර පවා අසමගිය ඇති කරන සමානුපාතික මැතිවරණ විකෘතිය වෙනස් කල යුතුයි. අපේ රටේ ජනාධිපති ධූරය, පාර්ලිමේන්තුව, පළාත් සභාව මෙන්ම ප්‍රාදේශිය සභා හා නගර සභා මැතිවරණ පවත්වන්නේ හතර විදියකට. මේකත් තව විකාරයක්. මැතිවරණ කොමිෂම පවා විකාරයක් බවට පත් වෙලා.

ඉදිකිරීම් සැලසුම් කල දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබදව පසුගිය කාලයේ යම් කතා බහක් ඇති වුණා. දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකල යුතුයි, කියන මතයේ මමත් ඉන්නවා. දියගමට අවශ්‍යය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නොවෙයි. කොළඹ සිට රත්නපුරයට යන තෙක් Hard Ball වලට ක්‍රීඩාංගණයක් නැහැ. අපේ රටේ දරුවන් වෙනුවෙන් දියගම Hard Ball ක්‍රීඩාංගණයක් ඉදි කිරීම අනවශ්‍යය කාරණයක් නොවෙයි. එය රුපියල් බිලියන ගණන් වැය වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස අර්ථ දැක්වීම සාදාරණ නැහැ.