Breaking News

තණමල්විල ගංජා වලට වෙන දේ මෙන්න !





තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් කංසා පැළ තොගයක් ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත බාර දී තිබේ.
හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයේ දී අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉතා සරුවට වගා කර තිබු කංසා හේනක් වටලා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය සමත්විය.
ඒ අනුව මෙම වැටලීම සිදුකර අත්අඩංගුවට ගත් කංසා පැළ දේශීය සෞඛ්‍ය වෙනුවෙන් භාවිතා කිරීමට ආයුර්වේද ඖෂධ සංස්ථාවට මෙලෙස බාර දී ඇත.
වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙම ගංජා තොගය ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබා දී තිබේ.
මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් මෙවැනි වැටලීම් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.
දේශීය වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිපදවීමට ඉතා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කංසා වගා කළ නොහැකි දෙයක්.බොහෝ ඖෂධ වර්ග නිපදවීමට අධිකරණයක් මඟින් මුදාහරින ලද කංසා ප්‍රමාණය පමණක් මෙතෙක් කල් ලබා ගත් බවද එය ඇතැම්විට ප්‍රමාණවත් නොවන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සාගලා අබේවික්‍රම මහත්මිය පවසයි.