Breaking News

උඩුකය නිරුවත් කොට ජංගම දුරකතනයකින් රූගත කිරීමේ සිද්ධියක් !



ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේ නිවසකට ඉකුත් 27 වැනිදා රාත්‍රී ඇතුළු වූ පුද්ගලයකු නිවසේ සිටි කාන්තාවකට පිහියක් පෙන්වා මරණීය තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය පැහැරගෙන ඇයගේ උඩුකය නිරුවත් කොට ජංගම දුරකතනයකින් රූගත කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම කාන්තාව ඇතිමලේ කොටියාගල කැකුලාන ප්‍රදේශයේ පිහිටි තම දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇත.

ඉකුත් 27 වැනිදා රාත්‍රී 11.00ට පමණ නාඳුනන අයකු නිවසට ඇතුළු වී පිහියක් නළලට තබා මරණ බවට තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය ගලවාගෙන පසුව ජංගම දුරකතනයකින් නිරුවත් උඩුකය ඡායාරූප ගෙන සිද්ධිය කිසිවකුට හෝ පොලිසියට කියා තිබුණොත් නිරුවත් ඡායාරූප ෆේස්බුක් එකට දමන බවට පවසා පිටව ගොස් ඇතැයි පැවැසේ.

සිද්ධිය පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.