Breaking News

කන්දකාඩු පොකුර අපේ පාලනයේ! - සෞඛ්‍ය අංශයෙන් සහතිකයක්


Govt. launches National Ops. Centre to counter COVID-19 | Daily FT



කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා වෛරසය පැතිරයාම මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ පිරිස් බැලීමට ගිය ඥාතීන්ගේ ආශ‍්‍රිතයන් පවා මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් තවත් සුළු පිරිසකගේ කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් ඔහු පැවසීය.

එම වාර්තාව ලැබීමෙන් පසුව තවත් සමාජය තුළ නිරෝරෝධායනට ලක් කළ යුතු පුද්ගලයන් ගැන තීරණයක් ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තත්වය දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.

වෛරසය එම මධ්‍යස්ථානය ව්‍යාප්තිය පාලනය කිරීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

එනිසා එම මධ්‍යස්ථානයෙන් රෝගය පැතිරී යාමේ බහුල අවදානමක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් තවදුරටත් සමාජයෙන් අහම්බෙන් ආසාදිතයන් හමු වීමට ඉඩක් ඇති නිසා හැකිතාක් උපරිමෙන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.