Breaking News

සුවසැරිය කාටවත් ලකුණු දාගන්න ගෙනාවේ නෑ! - රුවන් හර්ෂගේ රෙදි ගලවයි







සුවසැරිය ව්‍යාපෘතිය වෙන කාගේවත් අදහසක් හෝ ව්‍යාපෘතියක් නොව රනිල් වික්‍රමසිංහ මහතා විසින් නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් බවත් දැන් වෙන අය මේ සම්බන්ධයෙන් ලකුණු දමා ගැනීමට පටන් ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන ඊයේ(14) බියගමදී ප්‍රකාශ කර තිබෙනවා.

“1990 සුවසැරිය ව්‍යාපෘතිය නිසා අද වෙනකොට අපි ජීවිත දහස් ගණනක් බේරලා තියනවා. අද වෙන වෙන කට්ටිය ඇවිල්ලා කියනවා මේක මගේ මමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ කියලා කිව්වට අපේ නායකතුමාගේ ඉල්ලීමට තමයි නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඒ ගිලන් රථ ලංකාවට ලබා දුන්නේ” යැයි මෙහිදී කියා තිබේ.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ටෙලිෆෝනයෙන් තරග කරන හර්ෂ ද සිල්වා මහතා දිස්ත්‍රික්කය පුරා කියා යන්නේත් ඔහුගේ දැන්වීම්වල ඇත්තේත් 1990 ව්‍යාපෘතිය ඔහුගේ වැඩක් බවයි. එහෙත් රුවන් විජේවර්ධන මේ කියන කාරණාව හරහා හර්ෂ ද සිල්වා අනුන්ගේ වැඩක් තමන්ගේ කර ගෙන ඇති බව පෙනේ.

මෙය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නායකයන් අතර සිදුවූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් බව පැහැදිලිය. කෙසේ වුවද ඒ මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන ගිලන් රථ සෞඛ්‍ය අමාත්‍යංශයට හෝ නීතිය හා සාමය අමත්‍යංශයට නොදී එකල ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ හර්ෂ ද සිල්වා මහතාට ව්‍යාපෘතිය කරගෙන යෑමට ඉඩ සලසා දී ඇත්තේ ඇයි දැයි මේ වනවිට දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

ඉන්දියාව මෙම වාපෘතිය හර්ෂ ද සිල්වාට ලබා දිය යුතු යැයි රනිල් වික්‍රමසිංහට බලපෑම් කළා දැයි අලියාගේ මෙන්ම ටෙලිෆෝනයේද සාමාජිකයෝ විමසන්නට පටන් ගෙන තිබේ.