Breaking News

අධිවේගයේ බස් ගාස්තු දරාගත නොහැකි තරම් ඉහළට !



මේ වනවිට අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා  මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැකි තරමට ඉහළ බවට මගීන් විසින් තමන්ට පැමිණිළි කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
පසුගියදා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා අධි සුඛෝපභෝගි බස් රථවල අය කරන ගාස්තු එතරම් ඉහළ මට්ටමක පැවැතීම සාධාරණද? යන්න පිළිබඳව සොයා බලා මගීන්ට කිසියම් සහනයක් ලබා දීමට හැකියාවක් ඇද්ද යන්න පිලිබඳ සොයා ඊට අදාල නිර්දේශ තමන්ට ලබා දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නා.