Breaking News

දීමනා ගැටලුවක් නිසා හෙදියන් රාජකාරියෙන් ඉවත් වෙයි



දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට රාජකාරියෙන් ඉවත්ව තිබේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා එලෙස රාජකාරිවලින් ඉවත්ව ඇති බවයි.

අතිකාල ලබා නොදීමට විරෝධය පලකරමින් ඔවුන් එලෙස රාජකාරිවලින් ඉවත්ව තිබේ.