Breaking News

කොරෝනා නිසා පාකිස්ථානයේ සිටි 129 ක් ලංකාවට එයි



ලෝකය පුරාම කොරෝනා අවධානම තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ලෝකයේ බොහෝ රටවල් වල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් ක්‍රමිකව මෙරටට ගෙන්වා ගැනීමේ සැලැස්මක් රජය ක්‍රියාත්මක කරනු ලබයි.
එහි විශාල අසාධාරණකම් පවතින බවට පසුගිය දින වල විවිද චෝදනා පවා එල්ල වූ පසුබිමක කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද 15 අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පකිස්තානයේ ලාහෝර් නුවර සහ පසුව කරච්චි නුවර ගුවන් තොටුපළ දෙකම වෙත ගොස් , ඒවායේ රැදී සිටි මෙම ගුවන් මගීන් පිරිස රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1282 දරන විශේෂ ගුවන් යානය අද 15 අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා ඔවුන් යොමු කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා තිබුණි.