Breaking News

යාපනයට පැමිණ සාරි විකුණා ඉන්දියාවට ගිය වෙළෙන්දා නිසා පිරිසක්ම නිරෝධායනයට !



ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දකු ආපසු ඉන්දියාවට යෑමෙන් පසුව කොරෝනා ආසාදිතයකු බවට පත්වීමක් සමඟම යාපනයේ ඔහුව ඇසුරු කළ ඉනුවිල් හා නාවාලි යන පළාත්වල නිවෙස් 19ක පිරිස් 9දා සිට ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

මෙසේ නිරෝධායනයට ලක් කොට ඇත්තේ එම සාරි වෙළෙන්දාගේ සාරි මිලට ගැනීම පුරුද්දක් කරගෙන සිටි යාපනයේ සාරි ව්‍යාපාරිකයන් 19 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝය.

මේ පිළිබඳව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ එවැනි ආරංචියක් පැතිර ඇති නිසා රාජ්‍ය මට්ටමින් ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් සිදුකරගෙන යන බවයි.

යාපනයට පැමිණි සාරි වෙළෙන්දා කවුරුන්දැයි නිශ්චය වශයෙන්ම අනාවරණය වී නොමැති බවද එම නිලධාරියා කියා සිටියේය.