Breaking News

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනකුට ස්ථාන මාරුකිරීම් !




නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු ස්ථාන මාරුකිරීම් හා විෂයපථයන් වෙනස් කිරීම් සිදුකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා - විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී

නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර් නාගහමුල්ල මහතා කොළඹ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවට අමතරව බස්නාහිර පළාත් උතුර දිසාව වැඩ බැලීමට

නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර මහතා මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාවට අමතරව බඳවා ගැනිම් හා විභාග දිසාව භාරව

නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.ඩී.කේ.පී කරුණානායක මහතා - ජාතික පොලිස් අභ්‍යාස ආයතන දිසාවට

නියෝජ්‍ය පොලිස්පති එම්.ජී.එල. ගුණතිලක මහතා - ත්‍රිකුණාමලය දිසාවට

නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.කේ.ඩි.විජය ශ්‍රී මහතා-  සේවස්ථ දිසාවට