Breaking News

කොරෝනා නිසා මිය යන දුප්පත් ජනතාව වෙනුවෙන් මිනී පෙට්ටියක්

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඇතිව තිබෙන ගෝලීය ව්‍යවසනනය හමුවේ ඇමරිකාවට අයත් කොලොම්බියාවේ වෙළඳ දැන්වීම් සමාගමක් විසින් මිනී පෙට්ටියක් බවට පරිවර්තනය කළ හැකි රෝහල් ඇඳක් නිර්මාණය කර තිබෙනවා. වෛරස් ආසාදිතව මියයන දුගී ජනතාවට උපකාරයක් ලෙස මෙය නිර්මාණය කළ බවයි බොගෝටාහි ඒබීසී ඩිස්ප්ලේස් සමාගම සඳහන් කර තිබුනේ.
මෙම රෝහල් ඇඳ කාඩ්බෝඩ් සැකිල්ලක් ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර, එම ඇඳෙහි ප්‍රතිකාර ලබන රෝගීයා මියගියහොත් එම ඇඳම ඔහුගේ මිනී පෙට්ටිය බවට පරිවර්තනය කළ හැකි බවයි අදාළ සමාගම පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ සමාගමේ කළමණාකාර  Rodolfo Gomez ප්‍රකාශ කළේ තම රටට ආසන්න ඉක්වදෝරයේදී මීට තරමක් සමාන නිර්මාණයක් පිළිබඳ අසන්නට ලැබීමෙන් මෙම නව නිර්මාණය සිදුකිරීමට පියවර ගත් බවයි.
එසේම වෛරසය හමුවේ රටේ ආර්ථිකය ද අඩපණ වී තිබෙන මොහොතක බොහෝ දෙනෙකුට තම ඥාතියා වෙනුවෙන් ලීයෙන් තැනූ මිනී පෙට්ටියක් මිලදී ගැනීමට වත්කමක් නොමැති නිසා පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණු කාඩ්බෝඩ් යොදාගනිමින් මෙම නිර්මාණය සිදුකළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.items.[0].image.alt