Breaking News

බස් වර්ජනය නවතී!

 





හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.


සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණය ගෙන ඇත.


ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් එම සංගමය වර්ජනයකට යෑමට සුදානමින් සිටි අතර, අද පැවති සාකච්ඡාවේ දී ලීසිං සම්බන්ධයෙන් බස්රථ හිමියන්ට පවතින ගැටලුවට රාජ්‍ය අමාත්‍යාවරයා විසින් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වු බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.