Breaking News

රංජන්ට මන්ත්‍රීධූරයත් අහිමි වෙයි

 






අධිකරණයට අපහස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමග හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමි වන බව නීතිපති දප්පුලද ලිවේරා පවසනවා.


නීතිපතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක දැනුම් දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.


අධිකරණයට අපහස කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම වූයේ ඉකුත් 12වනදායි.