Breaking News

වැලි කැණීම් බලපත්‍රය සදහා දැඩි සීමා පනවයි

 







පොල් ඉඩම්වල වැලි කැණිම් සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා. 


පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදුන් බවයි. පොල් ඉඩම්වල සිදුකරන වැලි කැණිම් හේතුවෙන්, බරපතළ පාරිසරික හානියක් මෙන්ම, පොල් ඵලදාවේ අඩුවීමක් සිදුව ඇති බවයි පාර්ලිමේන්තුවේ පැවැති පරිසර අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණ වී ඇත්තේ. 


විශේෂයෙන් වයඹ පළාත තුළ මෙම කටයුතු ඉතා බරපතළ ලෙස සිදුවන බවත්, මේ දිනවල වෙළඳපොලේ පොල් මිල ඉහළයෑමට, වාර්ෂික පොල් අස්වැන්න අඩුවීමට, මෙම තත්ත්වය ප‍්‍රබල හේතුවක් බවත් එහිිදී අනාවරණ වී තිබෙනවා.


ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් විෂයභාර අමාත්‍යවරයා පොල් වගා ඉඩම්වල වැලි කැණිම් සිදු කිරිම් සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට සහ වැලි කැණිම් බලපත‍්‍ර යොදා ගනිමින් පොල් ඉඩම්වල කැණිම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් බලධාරින්ට උපදෙස් ලබා දුන්නා.