Breaking News

බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 12,161ක් පීඩාවේ! අයෙක් අතුරුදහන්

 





බුරවී සුලි කුණාටුව ඇතුලු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පලාත් තුල අද (03) උදෑසන වන විට පවුල් 3554 කට අයත් පුද්ගලයින් 12,161 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බවට ආපදාකලමනාකරන මධ්‍යස්ථානය පවසයි.


මේ අනුව බුරවී සුලි කුනාටුව හා ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් යාපනයේ පවුල් 829 කට අයත් පුද්ගලයින් 2986 දෙනෙකුද, මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 405 පුද්ගලයින් 1149 දෙනෙකුද, වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 74 කට අයත් පුද්ගලයින් 236 දෙනෙකුද, කිලිනොච්චියේ  පවුල් 10 කට අයත් පුද්ගලයින් 41 දෙනෙකුද මන්නාරමේ පවුල් 2236 කට අයත් පුද්ගලයින් 7749 දෙනෙකු ආපාදවට ලක්ව සිටිති.


එමෙන්ම වර්ෂාව හා සුලි කුණාටු තත්වයන් හේතුවෙන් උතුරු පලාත තුල ආපදාවට පත් පවුල් 2047 කට අයත් පුද්ගලයින් 7778 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 27 කට රැගෙන යාමට පොලීසිය , යුදහමුදාව හා ආපදාකලමනාකරන නිලධාරීන් විසින් පයවර ගෙන ඇත.


මේ අතර වර්ෂාව හා සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාත තුල නිවාස හානිද වාර්ථා වී ඇති අතර නිවාසවල පූරණ හානි 15 ක්ද අරධ හානි 173 ක් ද වාර් තා වීඇති අතරම සුලං තත්වයන් හේතුවෙන් යාපනයේ කුඩා දැරියක් ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල ගත කොට ඇති අතර එක් අයෙකු අතුරුදහන් වී ඇති බවටද ආපදාකලමනාකරන ඒකකයන් විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.


ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් මේ වන විට දිස්ත්‍රීක් ලේකම් කාර්යාල හරහා ප්‍රාදේශීය ලේකම් කාර් යාල , ආපදා කලමනාකරන කාර්යාල හරහා පහසුකම් සැපයීමටද පියවර ගෙන ඇත.