Breaking News

ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහිකරනවා – ජෝ බයිඩන් -VIDEO-

 






මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී සිටින ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තීරණාත්මක විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයෙන් පසු නැවතත් ජනතාව ආමන්ත්‍රණය කළා.

ඔහු එහිදී කියා සිටියේ ඩිමොක්‍රටික් පක්ෂ රජයක් බිහි කිරීම පිළිබඳව තවදුරටත් සැකයක් ඇතිකර නොගත යුතු බවයි.

තමා ඇමරිකානු ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන අතර, ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහිකරන බව ඔහු අවධාරණය කළා.

බලය ලබාගැනීමට හෝ පවරා ගැනීමට නොහැකි අතර, එය ජනතාව තුළින් ප්‍රවාහයක් ලෙස යොමුවිය යුතු බවයි ජෝ බයිඩන් කියා සිටියේ.

ඇමරිකාවේ පවතින විවිධ භේද පිළිගත් ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් කිසිවෙකු සතුරන් නොවන බවද අවධාරණය කළා.

ඇමරිකානු ෆොක්ස් නිවුස් රූපවාහිණි සේවාවට අනුව ජෝ බයිඩන් ඇමරිකාවේ මීලඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සඳහා අවශ්‍ය වන්නේ තවත් කොට්ඨාශ නියෝජිත ඡන්ද 06 ක් පමණයි.

ඔහු මේ වනවිට එම ඡන්ද 264 ක් හිමිකරගෙන සිටින අතර, ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ කොට්ඨාශ නියෝජිත ඡන්ද 214 ක් පමණයි.