Breaking News

රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයේ ඖෂධ මංජුසාව අගමැති අතින් භාරදෙයි -PHOTOS-

 






ඵෙතිහාසික සෝමාවති රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ පඬු පෙවීමට පූජා කෙරෙන ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.

ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.

අග්‍රාමාත්‍යවරයා විසින්, විවිධ ඖෂධ අඩංගු ඖෂධ මංජුසාව බැඳ ගනිමින් දෙවැනි පැරකුම් රජ දවසින් පසු ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යය, ශාසනයේ චිර පැවැත්මට හේතුවේවායි ප්‍රාර්ථනා කළා.

රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීම හා කඨින මහා පිංකම ලබන 7 සහ 8 දෙදින ඵෙතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වීමට නියමිතයි.