Breaking News

කල්මුණේ පාසල් වසාදමයි!

 





කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මේ බව පැවසුවාය. 

එම ප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් රෝගීන් හමුවීම නිසා මෙම තීරණය ගත් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

එම අහඹු PCR පරීක්ෂණවලදී අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 20 දෙනෙකු සහ සයින්දමර්දු ප්‍රදේශයෙන් එක් රෝගියෙක්ද හමු වී තිබේ.