Breaking News

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් තවත් පිරියක් මරුට!

 





මහර බන්ධනාගාරයේ ඊයේ (29) සවස් වරුවේ ඇරඹුණු කළහකාරී සිදුවීම හේතුවෙන් මේ වනවිට 8 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.


තුවාල ලැබූ 43 දෙනෙක් පමණ ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීම පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීය.


බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ තත්ත්වය බොහෝ දුරට මේ වනවිට පාලනය කර ඇති බවය.