Breaking News

ඇඳිරි නීතිය කැඩූ පුද්ගලයින් 201ක් පොලිස් අත්අඩංගුවට

 





නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 201 දෙනෙකු අද පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම කාලය තුළ වාහන 31ක් ද පොලිස් භාරයට ගත් බවයි.

පසුගිය ඔක්තෝබර් 4 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මුහුණ ආවරණ නොපැළඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේ ය.