Breaking News

බස්නාහිර කොවිඩ් ආසාදිතයින් 12500ට ආසන්නයි!






බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වන සමස්ථ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,418 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔක්තෝබර් 04 වනදා සිට මේවන තෙක් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 6,141 කි.

එක් එක් දිස්ත්‍රික්කයෙන් හමුවූ සම්පූර්ණ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පහතින්,

ගම්පහ - 5,667

කළුතර - 610

මහනුවර - 278

කුරුණෑගල - 245

ගාල්ල - 183

කෑගල්ල - 139

රත්නපුර - 133

මඩකලපුව - 71

පුත්තලම - 65

අනුරාධපුර - 52


කෙසේවෙතත් සෙසු දිස්ත්‍රික්ක 14න් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 50කටත් අඩු සංඛ්‍යාවක් වීම විශේෂත්වයකි.

මින් අඩුම ආසාදිතයින් සංඛ්‍යාවක් කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 03කි.