Breaking News

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි

 






මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදභාවයෙන් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

තානාපති කාර්යාල ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා පොදු කැපවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඊයේ රාත්‍රී 7.35ට පමණ පොම්පේයෝ මහතා විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණියේ ය.