Breaking News

බස්නාහිර පළාතෙන් පිටවූවන් සොයා මෙහෙයුම්

 





නිරෝධායන රිතීන්වලට පටහැනිව බස්නාහිර පළාතෙන් පිටව ගොස් හෝටල් හා ලැඟුම්හල්වල රැඳී සිටින පුද්ගලයින් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඇඳීරි නීතිය ඉවත් කිරීමෙන් පසුව නැවත ඔවුන් කොළඹට පැමිණිමේදීත් යළි පරීක්ෂා කිරීම් සිදු කර එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.