Breaking News

දිවුලපිටියේ කතට කොරෝනා ආසාධිත වූ අයුරු තවමත් ගැටලුවක්

 




දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවට එම වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් අනාවරණ වී නොමැති වීම හේතුවෙන් එහි අවධානම තවදුරටත් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

ඇය සමග ඍජුවම සම්බන්ධතා පැවැත්වූ අයෙකු වේ නම් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණ කරන ලෙසයි මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ඉල්ලීමක් කළේ.

රට තුළ කොරෝනා අවධානම තවදුරටත් පවතින බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණේ.

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් පිටතට පැමිණෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.