Breaking News

ඖෂධ නිවෙස් වෙත බෙදා හැරීම හෙට සිට අරඹයි!







රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ, වර්තමානයේ රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිධන්ගත රෝග සහිත වයස්ගත ජන කොටස් රෝහල් සායන වෙත පැමිණීම සුදුසු නොවන බවයි.

රෝහල් සායනවල පවතින අධික තදබදය හේතුවෙන් රෝගීන් වෙත මෙම රෝගය පහසුවෙන් බෝවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සායනික ඖෂධ හෙට සිට නිවෙස් වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති.