Breaking News

පැලවත්තේ දී අමරජෝති හිමියන්ට පහර දෙයි!

 





බදුල්ලේ පැලවත්ත බෝධිරාජාරාමාධිපති හිමියන්ට ඊයෙ හවස සිදු කල පහරදීමක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ටිබෙට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට ගම්වැසියෙකු විසින් පහර දී ඇත්තේ නිවාස කිහිපයකට අප ජලය ගලා යන ලෙස කානුවක් කපමින් සිටින විට ඊට විරුද්ධ වීම හේතුවෙනි.

පසුව ගම්වැසියන් විසින් පහරදීම සිදුකළ පුද්ගලයාගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඔහු නිවාසය තුළම සිර කොට ඇත.

බදුල්ල පොලීසිය විසින් තත්ත්වය පසුව පාලනය කර ඇත.