Breaking News

මේ පැය 24 ඉතාම තීරණාත්මකයි!

 





මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මක යයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මෙම පොකුර තවදුරටත් ඉහළ ගියොත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම මත බරපතළ අසීරුතා ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු අගවයි.

මෙම කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා නම් අදාළ ආසාදිතයන්ගේ සියලු ආශ්‍රිතයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඔහු තව දුරටත් පැවසීය.