Breaking News

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි








බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

අද උදෑසන 5.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් වාර්තා වේ. එම අගය මිලිමීටර 97.4 කි.

මේ අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.