Breaking News

නිරෝධානයන මධ්‍යස්ථානයකදී අයෙක් මරුට!

 

Sri Lanka makes cremations compulsory for coronavirus deaths | Sri Lanka  News | Al Jazeera



නුවරඑලිය නගරයේ පිහිට සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් (56) එක්දරු පියෙකි.

ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් භාරයේ නිලධාරියෙකු වශයෙන් කරමින් සිටියදි කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට ප්‍රථම මොහු රැකියාවෙන් ඉවත් වි දිවයිනට පැමිණිමේ අපෙක්ෂාවෙන් ඩුබායි රාජ්‍යයේ රැදි සිට ඇත.

දිවයිනට පැමිණිමට ගුවන් පහසුකම් නොමැති නිසා ඉකුත් (1) දින දිවයිනට පැමිණ ඇති සුබ්‍රමණියම් ආනන්දකුමාර් නුවරඑලිය පිහිටි තරු පහේ සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටිහ.

සුබ්‍රමණියම් ආනන්දකුමාර් මහතා හෘද්‍යාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් , ඔහු දිවයිනට පැමිණිමට ප්‍රථම ඔහුගේ පාදයක තිබු තුවාලයකට විෂබිජ ඇතුල් විම නිසා සුබ්‍රමණියම් ආනන්දකුමාර් මහතා (02) දින නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර සිටියදි ජිවිතක්ෂයට පත් වි ඇත.

මිය ගිය සුබ්‍රමණියම් ආනන්ද කුමාර් මහතාගේ අවසන් කටයුතු පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් (07) දින නුවරඑලිය නාගරික ආදහනාගාරයේදි කොවිඩ් 19 වැලදුණු රොගියෙකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑලිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් (07) දින සිදු කෙරිණ.

ඉකුත් මස (31) සහ මේ මස (01) දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 389 දෙනෙකු නුවරඑලිය නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටල් තුනක නිරෝධානයට යොමු කර ඇති අතර , ඉන් දෙදෙනෙකු කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති නිසා එම රොගින් දෙදෙනා අංගොඩ බෝවන රෝග විද්‍යාතනය වෙත යොමු කර ඇත.

සුබ්‍රමණියම් ආනන්දකුමාර්ගේ අවසන් කටයුතු ආගමික වතාවන් නුවරඑලිය මහ රෝහල් පරිශ්‍රයේදි සිදු කල අතර , අවසන් කටයුතු සදහා සුබ්‍රමණියම් ආනන්දකුමාර්ගේ පවුලේ ඥාතින් මෙන්ම නුවරඑලිය මහ රොහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ද සහභාගි විය.

නුවරඑලිය නගරයේ පිහිටි සංචාරක හෝටල් තුනක නිරෝධාන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම එරෙහිව නුවරඑලිය ප්‍රදේශයේ ජනතාවගේ විරෝධතාවයද මතු වි ඇත.