Breaking News

පොහොට්ටුවට ජපන් රජයෙන් සුබපැතුම්!

 



Japan-Sri Lanka to enhance economic cooperation



මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපාන රජය සුබ පැතුම් එක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යයාලය සඳහන් කළේ සාමකාමී, නිදහස් සහ සාධාරණව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජපානයේ සතුට පළ කරන බවයි. 

මෙම මැතිවරණය තුළින් තවදුරටත් ශක්තිමත් වූ ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය පිළිබඳව ප‍්‍රශංසාව පළ කරන බව ද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම, ශී‍්‍ර ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරි සංවර්ධනය උදෙසා ගනු ලබන ප‍්‍රයත්නය කෙරෙහි, ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද ජපාන තානාපති කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අමෙරිකාව, ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සිය සුබ පැතුම් එක්කර තිබුණා.