Breaking News

ආයුධ පෙන්නන්න ගිය අංගොඩ ලොක්කාගේ ගෝල "චමියා" පොලිස් වෙඩි පහරකින් මරුට!

 

Dead body of youth recovered from rented house in Beltola ...



ඉන්දියාවේදී මියගිය බවට වාර්තා පළ වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවෙකු පොලිස් වෙඩි පහරින් ඊයේ(23) ජීවිතක්ෂයට පත්වුණා.

චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් "චමියා" ගම්පහ ප්‍රදේශයේදී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගිය බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ ඔහු, සඟවා තිබූ ගිනි අවියක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පෙන්වීමට පොලීසිය සමඟ යමින් සිටියදී ශරීර අවශ්‍යතාවක් ඉටුකරගත යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව පොලිස් රථය නතර කර ඇති අතර, එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගේ ගිනි අවියක් පැහැරගැනීමට උත්සාහ දරා ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී එම ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.


එම අවස්ථාවේදී පොලිසිය විසින් ආරක්ෂාව සඳහා එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් ඔහු මියගිය බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.


මෙලෙස මියගිය චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් චමියා මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.


මේ අතර, අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු වූ අසිත හේමතිලක හෙවත් සොල්ටා නමැත්තාද අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින් පිරිසකට අත්බෝම්බයකින් දමා ගැනීමට උත්සාහ කිරීමත් සමග පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පසුගිය 11 වැනිදා ජිවිතක්ෂයට පත්වුණා.


මොහු 2017 වසරේ නොවැම්බර් 31 වනදා පන්නිපිටිය - රුක්මලේ ප්‍රදේශයේ මංජුලා සඳුනි නමැති රූපලාවන්‍ය ශිල්පිනියට සිය නිවස තුලදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ද හඳුනාගෙන තිබුණා.


එසේම, 2018 වසරේදී චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ ව්‍යායාම් කරමින් සිටි රොෂාන් ප්‍රේමලාල් නොහොත් පොලී රොෂාන් නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේද සොල්ටා බවයි අනාවරණ වී ඇත්තේ.